මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව හලාවත කැදැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවය පැවැත්වෙනු ඇති. රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් (16) හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed