මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමේ

0
වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව හලාවත කැදැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවය පැවැත්වෙනු ඇති. රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් (16) හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com