ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම පහළට

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත. ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.

මෙවර වර්තාවේදී ශ්‍රී ලංකාවට ලකුණු 100න් 53ක් ලැබී තිබේ.“දේශපාලන අයිතිවාසිකම්” අතින් ශ්‍රී ලංකාවට ලකුණු 40න් 22ක් ලැබී ඇති අතර “සිවිල් නිදහස” වෙනුවෙන් ලකුණු 60න් 31ක් ලැබී ඇත.පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලකුණු 100න් 55ක් ලබා ගැනීමට සමත් විය.

දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් සිදුකරනු ලබා දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම මෙසේ පහළ ගොස් ඇතැයි යුරේසියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.බලයේ සිටින දේශපාලනඥයින් තම ප්‍රතිවාදී දේශපාලනඥයින් බලයේ සිටින විට සිදුකරන ලද දූෂණ වලට දඬුවම් ලබා දීමට මැලිකමක් දක්වන බවත් එයට හේතුව බලය අහිමි වූ විට ඔවුන්ටද දඬුවම් විඳීමට සිදුවෙතැයි තිබෙන බිය බවත් යුරේසියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *