රජය රෝහල්වල පැවති ඖෂධ හිඟයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක්

තවත් ඖෂධ 50කට උපරිම මිලක් - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

තවත් ඖෂධ 50කට උපරිම මිලක් - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

2022 වසරේ මැයි මස 13 වන දින විට රජය රෝහල්වල පැවති ඖෂධ හිඟයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණන වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

වෛද්‍ය සැපයීම් හිඟය ඇති වීමට ආසන්නතම හේතුව විනිමය හිඟය වුවද වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබු පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම මෙන්ම එය නිසි ලෙස භාවිතයට ගෙන නොතිබීම හේතු වී ඇති බවයි එම විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයක් සහ සම්බන්ධීකරණයක් නොතිබීම ද ඊට හේතු වී ඇති බව සඳහන්.

එමෙන්ම ඖෂධ නීතිගත සංස්ථාව වෙත නිකුත් කරන ඇණවුම්වල ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පසුගිය වර්ෂ ගණනාවක සිට නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ ප්‍රසම්පාදන කාලසටහනකට අනුව කටයුතු කර නොතිබීම යන කරුණු ද ඖෂධ හිඟය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත අසාත්මිකතාවයන් සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ සිරප් වර්ගයක් ඇතුළත් බෝතල් 260,000 ක ඇණවුමෙන් 21% ලැබුණු පසු වෛද්‍ය සැපයුම් අංශය විසින් එම ඇණවුම අවලංගු කර ඇති අතර වැඩි වශයෙන් කුඩා දරුවන් වෙනුවෙන් භාවිත කරන අදාළ ඖෂධයේ මාසික අවශ්‍යතාවය ලෙස බෝතල් 21,664ක් ඇස්තමේන්තුගත කර තිබුණා.

කෙසේවෙතත් එය ඇණවුම් කිරීමට කටයුතු නොකිරීම තුළ 2022 වසරේ අප්‍රේල් මාසය වන විට වෛද්‍ය සැපයීම් අංශය තුළ තොග ශූන්‍ය වී පැවති බවයි විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ.

ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ කිහිපයක්ද විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතර පරිගණක පද්ධතිය නිසි පරිදි යාවත්කාලීන කර අදාළ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් සුදුසු වෛද්‍ය සැපයීම් අයිතම තොග මට්ටම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එම නිර්දේශවල ඇතුළත්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *