විශ්‍රාම වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 266ක්

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

විශ්‍රාම වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 266 දෙනෙකු සිටින බව මේ වන විට හෙළි වී තිබෙනවා.

සෑම දේශපාලන පක්ෂයකටම අයත් වන මන්ත්‍රීවරුන් මෙම විශ්‍රාම වැටුප් ලබන ලේඛණයට ඇතුළත්. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව අදාළ මන්ත්‍රීවරුන්ගේ ලේඛණය ලබාදී තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුවයි හිටපු මන්ත්‍රීවරුන් 266 දෙනාගෙන් මෙම නාම ලේඛණය නිකුත් කර ඇත්තේ.

සුනිල් හඳුන්නෙත්ති, නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න, ලක්ෂ්මන් නිපුනාරච්චි, චන්ද්‍රසේන විජේසිංහ, බිමල් රත්නායක, කේ.ඩී. ලාල් කාන්ත, යන හිටපු මන්ත්‍රීවරුන්ද වීශ්‍රාප වැටුප ලබාගන්නා පිරිසට ඇතුළත්.

එමෙන්ම රංජන් රාමනායක, තිලංග සුමතිපාල, රුවන් විජේවර්ධන, රවී කරුනානායක, ජීවන් කුමාරතුංග, සනත් ජයසූරිය යන මහත්වරුන්ද විශ්‍රාම වැටුප ලබනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේටද විශ්‍රාම වැටුප් හිමියි.
එමෙන්ම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ විශ්‍රාම වැටුප් ලබාගන්නා බවයි පාර්ලිමේන්තුව සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *