විශ්වවිද්‍යාලය පරිශ්‍ර තුළට පොලීසිය ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලීමක්


විශ්වවිද්‍යාලය පරිශ්‍ර තුළට පොලීසිය ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලීමක්
විශ්වවිද්‍යාලය පරිශ්‍ර තුළට පොලීසිය ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළට පොලිසිය හා හමුදාව ඇතුළු වීම සම්බන්ධයෙන් මන්ත්‍රී බුද්ධික පතිරණ කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ සම්බන්ධයෙන් පියර ගන්නා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලීමක් කළ බවයි.
කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිදුවීම් සිහිපත් කරමින් මන්ත්‍රී බුද්ධික පතිරණ කියා සිටියේ, ඊළඟ බිල්ලක් විශ්වවිද්‍යාල තුළින් ගතහොත් එය එක් පක්ෂයක පමණක් නොව රටේ ම ඛේදවාචකයක් වනු ඇති බවයි.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ශිෂ්‍යයින් සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සිය අමාත්‍යාංශය සූදානමින් පසුවන බවයි.