QR කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ දිනය අඟහරුවාදා වෙයි

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව එලෙසම

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය (08) සිට සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඉන්ධන කෝටාවේ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවෙනස්ව පවතින බවද එම අමාතයංශය කීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තවල ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට මෙම පියවර ගත් බවත් ඉරිදා දිනයේ ඉන්ධන කෝටාව මාරුවීමට අවශ්‍ය සැපයුම ලබාදීමේදී එම ආයතන දෙකේ අතිරේක දීමනා ඉහළ යෑම එයට හේතුව බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *