සුදු සීනි, පරිප්පු, තිරිගු පිටි සහ පාන් මිල පහළට

0
සුදු සීනි, පරිප්පු, තිරිගු පිටි සහ පාන් මිල පහළට

සුදු සීනි, පරිප්පු, තිරිගු පිටි සහ පාන් මිල පහළට

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.

දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්‍රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

මේ අතර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල (08) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com