ජීවිත රැකගැනීමට කටයුතු කළ රග්බි විනිසුරුවන් ඇගයීමට

ජීවිත රැකගැනීමට කටයුතු කළ රග්බි විනිසුරුවන් ඇගයීමට

ජීවිත රැකගැනීමට කටයුතු කළ රග්බි විනිසුරුවන් ඇගයීමට

ශ්‍රී ලංකා රග්බි සංවිධානය කළ රග්බි තරගවලදී විනිසුරුගේ කාර්ය ඉක්මවා යමින් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්ව ඇති යැයි තේරුම් ගෙන ඔවුන්ගේ ජීවිත රැකගැනීමට කටයුතු කළ විනිසුරුවන් තිදෙනෙක් (08) ඇගයීමට ලක් කළහ.

ශ්‍රී ලංකා රග්බි පළමු පෙළ විනිසුරුවන් වන සුරංග අරුණ ශාන්ත, ගිහාන් යටවර සහ ප්‍රනීත් වේරංග යන විසුරුවන් පාසල් සහ අන්තර් සමාජ රග්බි තරගවල විනිසුරුවන් ලෙස කටයුතු කරමින් සිටියදී ක්‍රීඩකයන් හිස වැදීම හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඇඳවැටීමට ඔන්න මෙන්න සිටියදී ඒ බව හදුනාගෙන බිමට පතිත වීම වළක්වා එම ක්‍රීඩකයන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් සිදුවීමට තිබූ විනාශකාරී තත්වයන්ගෙන් වළක්වාගැනීමට සමත්ව තිබේ.

ඔවුන්ගේ සේවය අගයමින් ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන අනුග්‍රහකයා වන ‘නිපෝන් පේන්ට්’ සමාගම සහ ‘හමීඩියා’ සමාගම එම විනිසුරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *