‘National Sailing Championship – 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව පැවැත් වීය

‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව පැවැත් වීය

‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව පැවැත් වීය

“National Sailing Championship – 2023” තරඟාවලිය පසුගිය මාර්තු මස 05 සහ 06 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූප‍තේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති ‘National Sailing Championship – 2023’ තරඟාවලිය කාණ්ඩ 07ක් යටතේ පැවැත්විණි.

ඒ සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට රුවල් ඔරු සමාජ හතක් (07) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසුනව දෙනෙක් (89) සහභාගී වූ අතර, මේ සඳහා යාත්‍රා හැටනවයක් (69) එක් විය.

ඒ අනුව, Laser Radial කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා කණ්ඩායමේ නායක නැවි ජේඑස් සෙනෙවිරත්න විසින්ද, එහි ලෝකඩ පදක්කම සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින්ද දිනා ගැනීමට සමත් විය. Laser Standard කාණ්ඩයේ රිදී පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි එන්ජීඑම්යූ ඥාණවර්ධන විසින්ද, එහි ලෝකඩ පදක්කම ප්‍රධාන සුළු නිලධාරි කේජීසීයූඑස් බංඩාර විසින්ද දිනා ගැනීමට සමත් විය.

Wind Surfing කාණ්ඩයේ රන් පදක්කම සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින්ද, එහි ලෝකඩ පදක්කම නායක නැවි කේපීපී ගුණවර්ධන විසින්ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, Enterprise කාණ්ඩයේ රන් පදක්කම නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි කේඑස්කේ ද සිල්වා විසින්ද, එහි රිදී පදක්කම නායක පාබල ජේඑච්එම්පීඅයි ජයපත්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින්ද, එහි ‍ලෝකඩ පදක්කම නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා සහ බල නැවි එල්ඒසීඑම් ගුණතිලක විසින්ද දිනා ගැනීමට සමත් විය.

GP 14 අංශයේ රන් පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසූරිය සහ බලනැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද, එහි රිදී පදක්කම නායක නැවි ඩබ්ඒඩීආර් කුමාර විසින් සහ නායක ඉංජිනේරු කාර්මික ජීපීඑස් ද සිල්වා විසින්ද, එහි ලෝකඩ පදක්කම නායක නැවි කේසී ද සොයිසා සහ නායක පාබල ජීපීපී කරුණාරත්න විසින්ද දිනා ගැනීමට සමත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *