චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා පියවර 10ක්

0
චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා පියවර 10ක්

චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා පියවර 10ක්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා චීන Kuomintang පක්ෂ සභාපතිනි Cheng Li-wun මහත්මිය හමුවී වැදගත් අදහස් රැසක් පළ කළේය.

මෙමගින් පක්ෂ දෙක හා තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා වර්ධනය කර ගැනීමට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබේ.

එයට අනුව චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු කාර්යාලය ප්‍රතිපත්ති හා පියවර දහයක් නිකුත් කළේය.

පළමුවැන්න, චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන Kuomintang පක්ෂය අතර අඛණ්ඩ සන්නිවේදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි.

දෙවැන්න, පක්ෂ දෙකෙහි තරුණයින් අතර අන්‍යෝන්‍ය හුවමාරු සඳහා විධිමත් වේදිකාවක් ස්ථාපිත කිරීමයි.

තුන්වැන්න, ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා, Fujian පළාතේ වෙරළබඩ ප්‍රදේශය Kinmen සහ Matsu කෝරළ අතර ජලය, විදුලිය, ගෑස් සහ පාලම් සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමයි.

හතරවැන්න, තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපාර්ශ්වය අතර සාමාන්‍යකරණය කරන ලද සෘජු ගුවන් මගී සේවා සම්පූර්ණයෙන් නැවත ආරම්භ කිරීම ප්‍රවර්ධනය කිරීමෙන්, දෙපාර්ශ්වය අතර පිරිස් හුවමාරුව තවදුරටත් පහසු කිරීමට කටයුතු කිරීමයි.

පස්වැන්න, “1992 සම්මුතිය” අනුගමනය කරමින් “තායිවාන ස්වාධීනත්ව” විරෝධී පොදු දේශපාලන පදනම මත සන්නිවේදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන්, පරීක්ෂණ සහ නිරෝධායන ප්‍රමිතීන් සපුරාලන තායිවාන කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදන චීන මහගොඩබිමට ආනයනය කිරීම පහසු කිරීමයි.

හයවැන්න, චීන තායිවාන ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා ප්‍රවේශය සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම මෙන්ම තායිවානයේ සාගර ධීවර යාත්‍රා නැංගුරම් ලෑමට සහ ඒවායේ ද්‍රව්‍ය ගොඩබෑම සඳහා සුදුසු ප්‍රදේශවල තොටුපළවල් සහ නැංගුරම් පොළවල් ඉදිකිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

හත්වැන්න, අවශ්‍යතා සපුරාල තායිවාන ආහාර නිෂ්පාදන ව්‍යවසායන් චීන මහගොඩබිමේ ලියාපදිංචි කිරීම මෙන්ම, තායිවාන ආහාර නිෂ්පාදන චීන මහගොඩබිමට ආනයනය කිරීම සඳහාද පහසුකම් සලසා දීමයි.

අටවැන්න, සුදුසු ස්ථානවල තායිවානය සමග නව කුඩා පරිමාණ භාණ්ඩ වෙළඳ වෙළඳපොළවල් ස්ථාපිත කිරීම සහ නීති සහ රෙගුලාසිවලට අනුකූලව චීන මහගොඩබිමේ වෙළඳපොළ ගවේෂණය කිරීමට තායිවාන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය ලබා දීමයි.

නමවැන්න, යෝග්‍ය, ඵලදායී සහ හොඳින් නිෂ්පාදනය කරන ලද තායිවාන රූපවාහිනී නාට්‍ය, වාර්තා චිත්‍රපට සහ සජීවිකරණ චිත්‍රපට චීන මහගොඩබිමේ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා සහ මාර්ගගත වීඩියෝ වේදිකාවල විකාශනය කිරීමට අවසර ලබාදීමයි.

දහවැන්න, ශැංහයි නගරයේ සහ Fujian පළාතේ පදිංචිකරුවන් විසින් තායිවාන දූපතේ සංචාරය කිරීම සඳහා නියමු වැඩසටහන් නැවත ආරම්භ කිරීම ප්‍රවර්ධනය කිරීමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com