ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි

මහ බැංකු පොලී අනුපාත අඩු කරයි

මහ බැංකු පොලී අනුපාත අඩු කරයි

බැංකු, මූල්‍ය හා කල්බදු සමාගම්වලින් ලබා ගත් ණය නිසියාකාරව ආපසු ගෙවීමට නොහැකි වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන්ට යම් සහනශීලී වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කොට තිබේ.

ඒ අනුව ඉහත සඳහන් පිරිස් ලබා ගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් ලැබෙන ආකාරයට ඔවුන්ට තම තමන් ගනුදෙනු කරන මූල්‍ය ආයතන වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි පරිදි කටයුතු කරන්නැයි මහ බැංකුව ඉල්ලා තිබේ.

කොවිඩ් 19 වසංගතය සහ ඉන් පසුව රටේ ඇති වූ ආර්ථිකයේ සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිසි ලෙස තම ණය වාරික හා පොලිය ආපසු ගෙවීමට අපොහොසත් වූ පිරිස් වෙත තවදුරටත් සහනයක් ලබා දෙන්නැයි යන අරමුණින් මෙම ඉල්ලීම කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

මෙලෙස ණය ලබා ගෙන ඇති පිරිස් තමන් මුහුණ දී සිටින අපහසුතාව මඟහරවා ගෙන නැවත ව්‍යාපාර ආරම්භ කොට සුපුරුදු පරිදි ණය ආපසු ගෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සහිතව බැංකුව වෙත එන්නේ නම් ඒ අයට සහන සැලසීමට දැනටමත් සියලු බැංකු ශාඛාවලට උපදෙස් දී ඇතැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *