කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

(07) පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම පිළිබඳ උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල විශාල වශයෙන් කුඹුරු ගොඩ කෙරෙමින් පවතින බවට මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහාය පළ කරන බවද ඔවුන් පැවසු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව කුඹුරු ගොඩකිරීම පිළිබඳ අධ්‍යනයක් සිදු කර වාර්තාව ලබා ගන්නා තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා මෙම අදාළ නොවන බවද අමාත්‍යවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *