වයස අවුරුදු 18ට අඩු අයට TikTok භාවිතය පැයකට සීමා කරයි

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ භාවිතයට සීමා

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ භාවිතයට සීමා

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි.

TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති.

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන් ඉවත් වීමට හැකියාව ඇති බවත් ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත්ය.

TikTok අයත් සමාගමට අනුව මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ඇති.

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට ඔවුන් දෛනිකව TikTok යෙදවුම පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු ඇති.

මේ අතර TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ TikTok භාවිතය සීමා කිරීමටද හැකියාව පවතී.

TikTok හි විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසන්නේ, සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බවයි.

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේද වයස අවුරුදු 14ත් 24 දක්වා වූ පිරිස් TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාවද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *