2022 වසරේදී ලොව වැඩිම අන්තර්ජාල ප්‍රවේශ අවහිර කිරීම් කළ රට ඉන්දියාව

2022 වසරේදී ලොව වැඩිම අන්තර්ජාල ප්‍රවේශ අවහිර කිරීම් කළ රට ඉන්දියාව

2022 වසරේදී ලොව වැඩිම අන්තර්ජාල ප්‍රවේශ අවහිර කිරීම් කළ රට ඉන්දියාව

2022 වසරේදී ලොව වැඩිම අන්තර්ජාල ප්‍රවේශ අවහිර කිරීම් සංඛ්‍යාවක් සිදු කළ රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

අන්තර්ජාල උපදේශක නිරීක්ෂණ ආයතනයක් වන Access Now මේ බව සඳහන් කර ඇති අතර එම ආයතනය පෙන්වාදෙන්නේ ඉන්දියාව අඛණ්ඩව 5 වන වරටත් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති බවයි.

Access Now විසින් ගෝලීය වශයෙන් වාර්තා කර ඇති අන්තර්ජාල ප්‍රවේශ අවහිර කිරීම් 187න් 84ක් ඉන්දියාවේ පාලිත කාශ්මීරයේ 49ක් ඇතුළුව සිදුව ඇති බව සඳහන් කර තිබෙනවා.

දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බලධාරීන් අවම වශයෙන් 49 වතාවක් කාශ්මීරයේ අන්තර්ජාල ප්‍රවේශය අවහිර කර ඇති අතර 2022 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දින 3ක් ඇඳිරි නීතිය පැනවීමේ දී අන්තර්ජාල ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අවහිර කර තිබුණා.

2019 අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ රජය මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ ස්වයං පාලනය ඉවත් කර එය ෆෙඩරල් පාලන ප්‍රදේශ දෙකකට බෙදා ඇති බව සඳහන්. එතැන් සිට ආණ්ඩුව ආරක්ෂක හේතු මත එම කලාපයට නිතිපතා සන්නිවේදන සීමාවන් පනවා ඇති අතර එය පාර්ශ්ව රැසක් විවේචනයටද ලක් කර තිබුණා.

ඉන්දියාව නැවත වරක් ලොව අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම්වලින් පෙරමුණ ගෙන තිබුණද 2017 වසරෙන් පසු රට තුළ අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් එරට සිදු වූ පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.

පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 22 වතාවක් අන්තර්ජාලයට පිවිසීම අවහිර කිරීම හේතුවෙන් යුක්‍රේනය එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

රජයට එරෙහි පෙළපාලිවලට ප්‍රතිචාර වශයෙන් 2022 වසරේ දී අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම් 18ක් පැනවූ ඉරානය ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇති බවයි Access Now ආයතනය සඳහන් කර ඇත්තේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *