කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් – ඇමෙරිකන් ජනාධිපතිවරණ අපේක්ෂිකා නිකී හේලි

කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් - ඇමෙරිකන් ජනාධිපතිවරණ අපේක්ෂිකා නිකී හේලි

කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් - ඇමෙරිකන් ජනාධිපතිවරණ අපේක්ෂිකා නිකී හේලි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් බව තහවුරු වී ඇතැයි නිකී හේලි පවසයි.

නිකී හේලි යනු 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂිකාවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස කටයුතු කළේද නිකී හේලිය.

‘කොවිඞ් 19 වයිරසය ආවේ චීන රසායනාගාරයකින්. චීන කොමියුනිස්ට් පක්ෂ රජයට ලබා දෙන සියලු විදෙස් ආධාර වහා නැවැත්විය යුතුයි. එක සතයක් චීන කොමියුනිසිට් පක්ෂ රජයට දිය යුතු නැහැ.’ යැයි නිකී හේලි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

‘කොවිඩ් 19’ වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරව්භ වූයේ 2019 දෙසැම්බරයේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *