අභියාචනාධිකරණ අතුරු නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට

නව ජාතික ක්‍රීඩා සභාව නම් කරයි

නව ජාතික ක්‍රීඩා සභාව නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය (27)වැනි දා නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යංශය එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හොත් ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට බලපෑමක් වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දැමීමට සිදුවුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැඩි අවධානය යොමු කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළඹෙන නිලවරණයට නාමයෝජනා භාරගැනීම (28)වැනනි දා අවසන් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *