මානව හිමිකම් කොමිසම ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

මානව හිමිකම් කොමිසම ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි
ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් 28ක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි, මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට දැනුම්දී තිබේ.
මානව හිම්කම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
වාර්තාවේ කරුණු පදනම් කර ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බවද එහි සඳහන් වේ.