ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩො. මි 400ක විනිමය හුවමාරු පහසුකමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ සහ ඖෂධ ආනයනය වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදෙනු ඇති බවය.

එම මුදල මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 03ක් වෙත ප්‍රදානය කිරීමට නියමිත බවද IFC ආයතනය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු විනිමය හිඟය විසදා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම ලබා දෙන බවද ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය ප්‍රකාශ ක‍‍‍ළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *