වාහන අමතර කොටස් මිල 300%කට අධික ප්‍රතිශතයකින් ඉහළට

වාහන අමතර කොටස් මිල 300%කට අධික ප්‍රතිශතයකින් ඉහළට

වාහන අමතර කොටස් මිල 300%කට අධික ප්‍රතිශතයකින් ඉහළට

වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසන්නේ අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බවත් සහ ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිලද කීපගුණයකින් ඉහළ ගොස් ඇති බවත්ය.

ජපානයේ නිෂ්පාදිත නමගිය වාහන නාමයන්වල නව වාහනවල අමතර කොටස්වලද විශාල හිඟයක් ඇති බව කියන පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවෝ අදාල සමාගම් ආනයනය කරන අමතර කොටස් පිටතට නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන් කළහ.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000ත් 15,000ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000ත් 50,000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් අමතරක කොටස් අළෙවිකරුවෝ පවසති.

යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවද බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුහූ වැඩි දුරටත් සඳහන් කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *