පොරොන්දු පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපහසුයි – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් අධිකරණයට පොරොන්දු පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි මැතිවරණ කොමිසම මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම මෝසම ගොනුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ගොනුකර ඇති නඩුකරයටය.

එම නඩුකරයේ වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. නීතිඥ යොහාන් පීරිස් මහතාගේ මෝසමේ මෙසේද සඳහන් වේ.

පසුගිය ජනවාරි මස 17 සහ පෙබරවාරි 10 යන දිනයන්හි පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය. මැතිවරණ කොමිසමට ලැබුණු ප්‍රතිපාදන අනුව මැතිවරණ කටයුතු පැවැත්වීමට සියලු කටයුතු සිදු කෙරිණ,

එහෙත් අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන නොමැති බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට මැතිවරණය පැවැත්විය යුතුය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට දැනුම් දී ඇත. තවද ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නොමැති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරිය දැනුම් දී ඇත. මීට පෙර මැතිවරණවලදී මෙවැනි පටිපාටියක් සිදුවී නොමැත.

මැතිවරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් පෙර මැතිවරණවල පරිදි තමන්ට ලැබී නොමැති බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත. මැතිවරණ කොමිසමෙහි වාහන වලට අවශ්‍ය ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් එය ලැබුනේ නැත.මැතිවරණ කොමිසමේ ස්ථාවරය වන්නේ නීතියට අනුව මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් අධිකරණයට දුන් පොරොන්දුව පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි මැතිවරණ කොමිසම කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *