සෑම ඉරිදා දිනකම ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රියක්
                ඇල්ල සහ සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය පිළිබඳ CIDයෙන් පරීක්ෂණයක්
කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රිය මේ මස 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35ට ළගාවීමට නියමිත බවත් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පස්වරු 5.25ට පිටත්ව රාත්‍රී 8.03ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බවත් ඒ මහතා කීය.

                                            



