මැතිවරණය කල් යන්නේ නම්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් වෙයි

මැතිවරණය කල් යන්නේ නම්, පළාත් පාලන ආයතන කොමසාරිස්වන් යටත්ට

මැතිවරණය කල් යන්නේ නම්, පළාත් පාලන ආයතන කොමසාරිස්වන් යටත්ට

පළාත් පාලන මැතිවරණය කල් යන්නේ නම්, පවතින නීතිය අනුව පළාත් පාලන ආයතන, කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට සිදු වන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මාර්තු 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 340ක මහජන නියෝජිතයින්ගේ නිල කාලය අවසන් වීමට නියමිතිව ඇති බවයි.

එහෙත්, අදාළ ආයතනවල මහජන අවශතා පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍යංශයේ නීති අංශයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශයේ එකඟතාවක් නැතැයිද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *