රන් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රන් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රන් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකි.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07ක් අධිකරණයට ඉදිරිපත් නොකර තමන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *