යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ 4කගේ සේවය අත්හිටුවයි

යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ 4කගේ සේවය අත්හිටුවයි

යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ 4කගේ සේවය අත්හිටුවයි

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කළ රුපියල් ලක්ෂ ගණනක යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුගේ සේවය අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.

අදාල නිලධාරීන් සිව්දෙනා එම ව්‍යාපෘතියේ ඉහළ තනතුරු දරන පුද්ගලයන් බවත් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙම පුද්ගලයන් සොරකම් කර ඇතැයි කියන යකඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *