සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි

සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි

සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි

මෙරට සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන මේ මස 28 වැනිදාට පෙර පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව තුළ වහාම ලියාපදිංචි විය යුතු යැයි පෞද්ගලික රෝහල් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා (06) පැවසුවේය.

පෞද්ගලික සෞඛ්‍ය ආයතන 10,000ක් පමණ ලියාපදිංචිය නොලබා ඇති බවත් මේ මස 28 වැනිදාට පෙර අදාළ ආයතන ලියාපදිංචි නොවුවහොත් ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 1,500ක් පමණ මේ වන විට නීතිමය ලියාපදිංචිය ලබා ඇති බවත් www.phsrc.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය ලබා ගත හැකි බවත් හෙතෙම පැවසීය.

රට පුරා තිබෙන පෞද්ගලික සෞඛ්‍ය ආයතන සතුව පවතින වෛද්‍ය උපකරණ, මානව සම්පත යනාදිය සුදුසුකම් ලත් ඒවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යැයි ද ඔහු පැවසුවේය.

පෞද්ගලික රෝහල්, නර්සින් හෝම්, පෞද්ගලික රසායනාගාර, දන්ත ශල්‍යාගාර යනාදි ලෙස අංශ 11කට අදාළව පෞද්ගලික සෞඛ්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් මේවා නියාමනය නොකිරීමෙන් මෙරට රෝගී ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

– dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *