රු. මි 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක්

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂමට වර්තමාන සහ හිටපු මැතිවරණ කොමිසමේ සභාපතීන්ගෙන් අයදුම්පත්

අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂමට වර්තමාන සහ හිටපු මැතිවරණ කොමිසමේ සභාපතීන්ගෙන් අයදුම්පත්

පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බවය.

මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට මීට පෙර යොමු කළ ඉල්ලීම් වලට අදාළව මුදල් නිකුත් කළ බවද, සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වැයවනු ඇතැයි, ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල මෙවර අයවැයෙන් වෙන් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *