රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කර අභිමානවත් ලෙස නිදහස සැමරීම හාස්‍යජනකයි

රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කර අභිමානවත් ලෙස නිදහස සැමරීම හාස්‍යජනකයි

රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කර අභිමානවත් ලෙස නිදහස සැමරීම හාස්‍යජනකයි

සියලු අංශයන්ගෙන් රට කඩා වැටී ඇති මොහොතක අතිවිශාල මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස නිදහස සැමරීම සැබවින්ම හාස්‍යජනක බව ක්‍රමවේද වෙනසක් සඳහා වන වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ අභිමානවත් උළෙලක පළමු පුද්ගලයා ලෙස එක් වරක් හෝ පෙනී සිටීමට රටේ නායකයාට ඇති ආශාව හැරුණු කොට මෙවන් තීරණයක් සාධාරණීකරණය කිරීමට වෙන යම් වූ උපකල්පනයක් නොමැති බවයි.

මෙවන් උළෙලක් නොපවැත්වුව හොත් රට ආර්ථික වශයෙන් අසාර්ථක බවට ලෝකයා සිතන බව, රටේ නායකයා මෙන්ම ඔහු වටා සිටින ගෝල බාලයින් පවසන්නේ, රටේ ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරමින් බවද මෙම නිවේදනයේ සඳහන්ය.

අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ, කුසට අහරක්, ලෙඩට බෙහෙතක් නොමැතිව දැඩි අසීරු තත්ත්වයකට ගොදුරු වී සිටින ජනතාවක් සිටින මොහොතක අධික වියදම් ඇස්තමේන්තුවක් දරමින් මෙවැනි උත්සවයක් සැමරීම සුදුසුදැයි තීරණය කිරීම සඳහා සාමාන්‍ය දැනීමක් පමණක් තිබීම ප්‍රමාණවත් බවයි.

පාලකයන්ට විරෝධය පළ කිරීමට ජනතාවට ඇති අවස්ථාවක් ලෙස තමන්ට සුදුසු පාලකයන් පත් කර ගැනීමට ප්‍රකාශිත මැතිවරණය පවා මග හැරීමට පාලකයන් සියලු උපක්‍රම යොදමින් ඇතැයි ක්‍රමවේද වෙනසක් සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ඔවුන් මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිදහස ලැබී වසර 75ක් ගතවී ඇති නමුත් මේ මෙහොතේ රටේ සෑම අංශයකම ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ කායික, මානසික, සමාජ හා දේශපාලන යනාදී සියලු අංශවලින් අතෘප්තිමත් අසහනකාරී සහ නොසන්සුන් තත්ත්වයකට මෙරට ජනතාව ගොදුරු වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *