බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගෙන වාර්තාවක් දෙන්න – ජනපති

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙළඳ අමාත්‍යවරයාට නියම කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර සුළු ප්‍රමාණයක් ආනයනය කර රෝහල්, පාසල් සහ බේකරි කර්මාන්තය සඳහා බෙදාදීමට තීරණය කර ඇතත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වන බවට වෙළඳ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ නියම කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි වන බැවින් රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම්, එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහස බවද අමාත්‍යවරයා කීය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *