විදුලිබල මන්ඩලයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නඩු පැවරීමට තීරණය කරයි

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබේ.

ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23වනදා සිට පෙබරවාරි 17වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.

ඒ අනුව අදාළ කොමිසම දැනුම් දෙන්නේ ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත(27) දින යොමු කළ බවය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇති බවද මානව හිමිකම් කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *