ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පහළට

උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය  5.8%න් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස  65%ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස  59.2%ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම නොවැම්බර් මස  69.8%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස  59.3%ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

නොවැම්බර් මස  60.4%ක්වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස  59%ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

දෙසැම්බර් මස  59.2%ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන්  29.5%ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන්  29.6%ක දායකත්වයක් ලබා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *