කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වාහන ධාවනය තාවකාලිකව නතර කරයි

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වාහන ධාවනය තාවකාලිකව නතර කරයි

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වාහන ධාවනය තාවකාලිකව නතර කරයි

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීම හේතුවෙන් එහි එක් මංතීරුවක වාහන ධාවනය ලබන 24වැනිදා සිට තාවකාලිකව නතර කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය පෙන්වාදෙන්නේ ලබන 24වැනිදා සිට පෙබරවාරි මස පළමු වැනිදා දක්වා අදාළ කොටසේ වාහන ධාවනය සිදුවන්නේ එක් මංතීරුවක පමණක් බවය.

මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වු කොටසේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් සිදුකර තිබේ.

ඒ අනුව මහනුවර සිට පැමිණෙන වාහන මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර මීරිගම හරහා පස්යාල හංදියට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකි වන අතර කොළඹ සිට පැමිණෙන වාහන පස්යාල හංදියෙන් මීරිගමට පැමිණ මීරිගම හරහා කුරුණෑගලට ගොස් මහනුවර දෙසට ගමන් කළ හැකි වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *