රජයේ සේවකයන්ගේ පඩ් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය ගත් අලුත් තීරණය

රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවක නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්

රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා,විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයන්හී ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙ අතර රාජ්‍ය සේවකන්ගේ වැටුප් එක දිනයකදීම ගෙවීමට නොහැකි වුවද එය දින දෙක තුනකදී හෝ ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (17)වැනි දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *