ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් ඉල්ලයි

0
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර ඇත.

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර අදාළ වාර්තාව දින 5ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22කට සීමා වෙමින් ලකුණු 317ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com