ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත යාවත්කාලීන කරන්න – අධ්‍යාපන අමාත්‍යංශය

ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත යාවත්කාලීන කරන්න - අධ්‍යාපන අමාත්‍යංශය

ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත යාවත්කාලීන කරන්න - අධ්‍යාපන අමාත්‍යංශය

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත්ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනිකව යාවත්කාලීන කළ යුතුව පවතින නිසා රජයේ පාසල්වල සියලු ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *