චීන නෞකාවක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට කඩා වදී! නිරීක්ෂණයට ඉන්දුනීසියාවද යුද නෞකාවක් පිටත් කරයි!

චීන නෞකාව නිරීක්ෂණයට ඉන්දුනීසියාවද යුද නෞකාවක් පිටත් කරයි

චීන නෞකාව නිරීක්ෂණයට ඉන්දුනීසියාවද යුද නෞකාවක් පිටත් කරයි

චීනය ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට දැවැන්ත නෞකාවක් එවීමත් සමඟ ඉන්දුනීසියාවද යුද නෞකාවක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබේ.

සම්පත් බහුල ප්‍රදේශයක් ලෙස සැළකෙන උතුරු නටුනා මුහුදු ප්‍රදේශයට මෙම චීන නෞකාව පැමිණ ඇත. චීන නෞකාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දුනීසිය හමුදා සදහන් කරයි.

චීනයේ සීසීජී 5901 නෞකාව මේ සදහා යොදවා ඇති අතර එය ලොව විශාලතම වෙරළාරක්ෂක නෞකා අතරින් එකක් වේ. මුහුදු සීමාවන් සම්බන්ධයෙන් චීනය සහ නැගෙනහිර ආසියාතික රටවල් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *