පෙබරවාරියේ ලෝකයේ සංචාරයට සුදුසුම සහ ලාභදායීම සංචාරක ගමනාන්ත රට ශ්‍රී ලංකාව – “අයි නිව්ස්” වෙබ් අඩවිය

පෙබරවාරියේ ලෝකයේ සංචාරයට සුදුසුම සහ ලාභදායීම සංචාරක ගමනාන්ත රට ශ්‍රී ලංකාව - "අයි නිව්ස්" වෙබ් අඩවිය

පෙබරවාරියේ ලෝකයේ සංචාරයට සුදුසුම සහ ලාභදායීම සංචාරක ගමනාන්ත රට ශ්‍රී ලංකාව - "අයි නිව්ස්" වෙබ් අඩවිය

පෙබරවාරි මාසයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම සහ ලාභදායීම සංචාරක ගමනාන්ත රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ “අයි නිව්ස්” වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් “අයි නිව්ස්” වෙබ් අඩවිය නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් “අයි නිව්ස්” වෙබ් අඩවියේ සඳහන්වේ.

මේ හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව “අයි නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *