පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

පොල්ගෙඩි 700ක් සොරකම් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

පොල්ගෙඩි 700ක් සොරකම් කළ 4 දෙනෙකු අත්අඩංගුවට

පොල් මිල ඉහළයාමත් සමග අත්තනගල්ල ප්‍රදේශයේ පොල්ගෙඩි 700ක් සොරකම් කළ කල්ලියක් නිට්ටඹුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්තනලගල්ල උණගහදෙනිය ප්‍රදේශයේ මහාපරිමාන පොල්වත්තකින් පොල්ගෙඩි 700ක් සොරකම් කර තිබේ. තවත් මෙවැනි පොල්වතු කිහිපයකින් මොවුන් පොල් සොරකම් කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සොරකම් කළ පොල් ගෙඩියක් රුපියල් 70කට පමණ අලෙවි කර ඇති අතර, මෙම සැකකරුවන් නිවාසවලින් රූපවාහිනී යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් සොරකම් කර ගෙන ඇති බවට ද හෙළි වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *