ගෝලීය ආර්ථිකයට නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇත – IMF අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා

ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය - ලංකාව ගැන IMF අධ්‍යක්ෂිකා

ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය - ලංකාව ගැන IMF අධ්‍යක්ෂිකා

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා ප්‍රකාශ කර ඇත.

වසර 40කට පසු ප්‍රථම වතාවට චීනයේ පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ බව ක්‍රිස්ටලීනා ජොර්ජීවා පෙන්වා දී තිබේ. කොවිඞ් නීති ලිහිල් කළද රෝගය පැතිර යාම හේතුවෙන් ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර වනු ඇති බවත් ඒ හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයද සෘණාත්මක වනු ඇති බවත් ඇය පවසා ඇත.චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපයේ ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකයද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබේ.

ගෝලීය ආර්ථිකයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය වෙන්ව සිටීම හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇතිවීම වළක්වා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව තිබුණත් ඇමෙරිකා ආර්ථිකය වෙන්වී සිටීම, ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසා ඇත.

යුක්රේන – රුසියා යුද්ධය දිගටම ඇදී යාම, ඉහළ උද්ධමනය සහ මහ බැංකු වල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව, චැඩ්, ඉතියෝපියා, සැමීබියා, ඝානාව, ලෙබනනය, සුරිනාමය වැනි රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමකට පැමිණ නැතත් එම රටවල ජනතාවට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා සී.බී.එස් පුවත් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

නමුත් ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල් ප්‍රමාණය තවත් වැඩි වුවහොත් ගෝලීය ආර්ථිකයට අයහපත් බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ හේතුවෙන් මෙම රටවලට ණය අර්බුදයට විසඳුමක් සොයා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයක් දරන බවත් ක්‍රිස්ටලීනා ජොර්ජීවා එහිදී පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *