මහජන බැංකුවත් නිකුත් කර ඇති ණය සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට තීරණයක්

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

මහජන බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට වැදගත් දැනුම්දීමක්

දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කර තිබේ. ඒ, වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂවයි.

වෙළදපොළේ පවතින තත්ත්වය යහපත් වීමෙන් පසු පාරිභෝගිකයින්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නා බවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශකර සිටී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15%ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.

පසුව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි.

වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බවත්, ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බවටත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කරයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සියලු බැංකු වෙත උපදෙස් දී ඇත්තේ, බැංකු, ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බැවින් වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *