තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කරයි


රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවයි
මෙම වර්ෂය තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම ගුරුවරුන්ට ඉදිරියේදී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන ලබන වසරේ මාර්තු මස 24වනදා දක්වා ඔවුන්ගේ අනුයුක්තය දීර්ඝ කෙරෙන බවය.
ඒ අනුව ලබන 31වනදා දක්වා අනුයුක්තව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවද සදහන් වෙයි.
එම නිවේදනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ පසුගියදා මීට අදාලව නිකුත් කර ඇති ලිපියම ලබන වසරේ මාර්තු 24 වනදා දක්වා බලාත්මක වන බවය.