මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව

වැස්ස කුඹුරු අක්කර 12,000ක් විනාශ වෙලා

වැස්ස කුඹුරු අක්කර 12,000ක් විනාශ වෙලා

මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මේ වනවිට ලීටර් 6,600 බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර ඇති බවය.

සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තොබර් මාසයේ දී බවුසර් 1,587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1,004ක් හා දෙසැම්බර් 11 වැනිදා වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3,559ක් මගින් ඉන්ධන බෙදාහැර තිබේ.

වී වගාව සාර්ථක කර ගැනීම සඳහා හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාවට වගාව කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් පරිදි මෙම ඉන්ධන බෙදාහැරීම් වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එක් එක් නිලධාරියෙක් බැගින් පත්කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *