ශ්‍රී ලංකාවේ සරණාගතයන් ලෙස විදේශිකයන් 912ක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව

විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් සිදුකරන්න - ආගමන විගමන දෙපාර්තමේන්තුව
විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ. ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 709කි.
මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනකුද ඉරාන ජාතිකයන් 24 දෙනකුද පලස්තීන ජාතිකයන් හය දෙනකුද සුඩාන ජාතිකයන් හතර දෙනකුද, යේමන ජාතිකයන් පහළොස් දෙනකුද, මියන්මාර ජාතිකයන් තිස් පස් දෙනකුද, බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද, මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.