මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

ඒ යටතේ උපරිමය හෙක්ටයාර් එකක් හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක්ද, හෙක්ටයාර් එකකට වැඩි ප්‍රමාණයක වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක්ද වන පරිදි මෙම දීමනාව ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට ඍජුවම මුදල් බැර කෙරෙනු ඇත. මෙවර මහ කන්නයේදී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 8ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර හෙවත් MOP මිලදී ගැනීම සඳහා මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 8ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉදිරියේදී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සිදු කෙරෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *