පැය 10ක විදුලි කප්පාදු කතාව අසත්‍යයි; විදුලි බිල සංශෝධනය කිරීම අනිවාර්යයෙන්ම සිදුවෙයි

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ගල් අඟුරු නොමැතිව ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් ඇති බවට පළ වූ ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. (21) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, අදාළ ප්‍රකාශය සිදුකළ විදුලි ඉන්ජිනේරු සංගමයට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් ගෙන නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ගල් අඟුරු ප්‍රමාණවත් නොවන්නේ නම්, ඒ සඳහා විකල්ප බලාගාර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් 31වනදා අවසන් වීම මත එම බලාගාරය සම්පූර්ණයෙන්ම නවතින බවත් මේ හේතුවෙන් ලබන වසරේ පැය 10කට ආසන්න විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය (20) ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එළඹෙන ජනවාරි මාසයේදී “අනිවාර්යයෙන්ම” විදුලි බිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, ජනවාරි මස 2වනදා වනවිට විදුලි බිල වැඩි විය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *