උත්සව සමයට රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

උත්සව සමයට රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

උත්සව සමයට රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

උත්සව සමය ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකා පොලිසිය විසින් රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ප්‍රධාන නගර සහ සෙසු නගරවලට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

එසේම මෙම දිනවල දේව මෙහෙයන් පැවැත්වෙන බැවින් දේවස්ථානවලද විශේෂ ආරක්ෂාවක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
දේව මෙහෙයන් පැවැත්වෙන අවස්තාවලදී නාඳුනන පුද්ගලයන් පැමිණේද යන්න තහවුරු කර ගැනීම සඳහා එම දේවස්ථානවල දායක සභාව සම්භන්ධ කර ගනිමින්ද විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද මෙම ආරක්ෂා වැඩපිළිවෙලවල් සඳහා යොදවා තිබෙනවා.

මීට අමතරව බස්නාහිර පළාතේ ආරක්ෂක වැඩ කටයුතු සඳහා පිට පළාත්වලින්ද පොලිස් නිලධාරීන් යෙදවිමටයි කටයුතු කර ඇත්තේ.

එසේම රථවාහන වැරදි පාලනය කිරීම සඳහා යොදවා ඇති මාර්ග බාධක සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව උත්සව සමයේ බීමතින් රිය පදවන පුද්ගලයන් සම්භන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *