60න් විශ්‍රාමයාම ජනතාවගේ කැමැත්ත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නෑ – ජී.එල් පීරිස්

60න් විශ්‍රාමයාම ජනතාවගේ කැමැත්ත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නෑ - ජී.එල් පීරිස්

60න් විශ්‍රාමයාම ජනතාවගේ කැමැත්ත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නෑ - ජී.එල් පීරිස්

ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

නමුත් තමන් දන්නා පරිදි ලොව කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එවන් වගන්තියක් නැතැයි කී මන්ත්‍රීවරයා කවුරුන් නොකළත් අපේ රටට එය ගැලපෙනවා නම් එසේ කිරීමේ ප්‍රශ්නයක් නැතැයිද සඳහන් කළේය.

එමෙන්ම තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් සහ ඔවුන්ට නායකත්වය දිය යුතු බව අරගලයේදීද පැහැදිලි වූ බවද ජී.එල් පීරිස් මහතා කීවේය.

එසේ වුවත් කිසිම පසුබිමක් පලපුරුද්දක් නැති අය ප්‍රධාන තනතුරුවලට පත්වීමෙන් වන මහා වින්නැහියද රට අත්විඳ ඇති නිසා තරුණ ජවයක් ඇති අය සමඟ අමාත්‍යාංශ මෙහෙයවා පලපුරුද්දක් ඇති අයත් සිටීම ශක්තියක් බව සිතන කොටසක්ද රට තුළ සිටින බව කී මන්ත්‍රීවරයා ඒ ගැන සංවාදයකට සූදානම් බවද පැවසීය.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *