ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස්කරගෙන; අවසන් නොකළ ලිපිගොනු 1508ක්
රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන්බලපත්‍රයත් නිකුත් කිරීම පිළිබද විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයතු වන ඔෂල හේරත් මහතායි පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව පෑමිණිල්ලේ සදහන්.
මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතෑයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.