කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වා දෙයි

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,(20)වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

කොළඹ වරායේ නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක, වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා මෙම නව වීසා වර්ගය හඳුන්වා දී තිබේ.

ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින් දැක්වේ.

– වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය

– සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත වීසා” කාණ්ඩය

– කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *