විභාග දෙපාර්තමේන්තුවට කෝටි 55ක වියදමින් මිලදීගත් මුද්‍රණ යන්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගෙන නෑ

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ප්‍රශ්න පත්‍රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විභාග දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේදී රුපියල් කෝටි පනස් පහක පමණ වියදමින් මිලදීගෙන තිබූ “ටර්න් කී” මුද්‍රණ යන්ත්‍රයෙන් ලොකු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම යන්ත්‍රයෙන් 2020 වර්ෂයේ දී මුද්‍රණය කර ඇත්තේ අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර තුන්ලක්ෂ හතළිස් හය දහස් එකසිය අසූවක් පමණක් බවද එහි දැක්වෙයි. එය සමස්ත ප්‍රශ්න පත්‍රවලින් සියයට පහක තරම් අඩු ප්‍රතිශතයක් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

එසේම එම මුද්‍රණ යන්ත්‍රයේ wrapping solution කොටස ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය අංගයක් ලෙස නම්කර නිර්දේශ කර තිබුණු නමුත් රුපියල් කෝටියකට ආසන්න වටිනා මෙම කොටස මිලදී ගත් දින සිටම කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිෂ්කාර්යව පැවතුණු බව එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර විදුලිය බිදවැටීමකදී මුද්‍රණ යන්ත්‍රය පවත්වාගෙන යෑම සඳහා බල සැපයුම් ඒකකයක්(U.P.S) මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 70කට ආසන්න මුදලක් අමතරව වැය කර ඇතැයි වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු ඇතුළත් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *