ලංකා රග්බි ආයතනයේ සභාපති, ධූරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමති ගත් තීරණයට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

ලංකා රග්බි ආයතනයේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉල්ලියාස් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8වනදා නිකුත් කළ නියෝගයක් මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත්කර ඇති බවය.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බව සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කර එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *